ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන ස්වාභාවික ෙකාළඹ

https://avalanches.com/lk/colombo__10_1903143_06_12_2021

ශ්‍රී ලංකාවේ බහුලව භාවිතා කරන ස්වාභාවික පාන වර්ග 10

පුරාතනයේ සිට ශ්‍රී ලාංකිකයින් ස්වාභාවික, පෝෂණීය, රසවත් මෙන්ම ගුණදායක ආහාර පාන අනුභව කිරීමට පුරුදුව සිටි යහ. ආදි කාලයේ සිට මුතුන්මිත්තන් ප්‍රධාන වශයෙන් ම අවට පරිසරයෙන් පහසුවෙන් සොයා ගත හැකි ඖෂධ පැළෑටි වල කොටස් උපයෝගී කර පාන වර්ග සකසා භාවිතා කළ නිසා වර්තමානයේ මෙන් බහුලව තිබෙන දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘද රෝග සහ පිළිකා වැනි ලෙඩ රෝග වැළඳුනේ ඉතාමත් අඩුවෙනි. යටත් විජිත යුගයේ විදේශිකයින් විසින් හඳුන්වා දුන් තේ, කෝපි, කොකෝවා, කිරි පිටි වර්ග වැනි දේවල් වලින් සැකසූ පාන වර්ග වලට ක්‍රම ක්‍රමයෙන් හුරු වීමත් සමග ඖෂධීය ගුණ ඇති පාන වර්ග භාවිතයෙන් ඈත් විය.

කෙසේ වෙතත් වර්තමානයේ ඇති වී තිබෙන කෝවිඩ් වසංගත තත්ත්වයත් සමගම ශ්‍රී ලාංකිකයින් ස්වාභාවික ගුණදායක පානයන් වලට නැවත යොමු වීමේ සීග්‍ර ප්‍රවණතාවයක් දක්නට ලැබේ. එසේ ශ්‍රී ලාංකිකයින් භාවිතා කරන දේශීය හෙළ වෙදකම සහ ආයුර්වේදයට අනුව ඖෂධමය වටිනාකමක් ඇති පාන වර්ග බොහෝමයක් ඇතත් වඩාත් ජනප්‍රිය පාන වර්ග 10ක් ගැන තොරතුරු පෙළ ගස්වමි.


01. ඉඟුරු කොත්තමල්ලි පානය

උද්භිද විද්‍යාත්මක නාමය Coriandrum sativum, Zingiber officinale වන ශාක වලින් ලබා ගන්නා ඉහළ ඖෂධීය ගුණයකුන් යුතු මේ පානය මගින් ලැබෙන ප්‍රයෝජන බොහෝය. කොත්තමල්ලි සහ එම ප්‍රමාණයට ගැලපෙන පරිදි ඉඟුරු කැබලි කිහිපයක් ගෙන සෝදා වේලා කබලේ බැද හොදින් බ්ලෙන්ඩර් කර උණු වතුර කෝප්පයකට තේ හැන්දක ප්‍රමාණයක් දමා බීමට ගනී. එසේම ඉගුරු සහ කොත්තමල්ලි තම්බා පානය කිරීම මගින් රෝගාබාධ ඇති කරන වෛරස්, බැක්ටීරියා වලට එරෙහිව සටන් කිරීමට ශරීරය තුල ප්‍රතිශක්තිය වර්ධනය වේ. එසේම උණ , කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව සදහා ගුණදායී ඖෂධීය පානයක් වේ. එබැවින් කෝවිඩ් වසංගත සමයේ ඉතා ඉහළ ජනප්‍රියත්වයකින් යුතු පානයකි. එමෙන්ම ආතරයිටිස් නිසා මතු වන වේදනා කැක්කුම්වලට වේදනා නාශකයක් ලෙස ක්‍රියා කරයි. ගර්භණී සමයේ මුල් කාර්තුවේ දී මෙම පානය භාවිතයට නොගන්නා අතර, කාන්තාවන්ට ඔසප් සමයේ ඇති වන මාංශපේශි වේදනාවන් සමනයට මෙම පානය ඉතා ගුණදායක වේ.

විශේෂයෙන්ම ගැබ් ගෙල පිළිකා මර්ධනයට සහ එය ඇති වීමේ අවධානම අවම කර ගත හැක. ශරීරයට ඇතුළු වන විෂ කාරක නැසීමේ ගුණයත්, මිග්‍රේන් නමැති අධික වේදනාකාරී හිසරදය නිසා මතු වන පීඩා වලින් මිදීමටත් ඖෂධමය ගුණයකින් හෙබි පානයකි. මෙමගින් සිරුරේ අස්ථි නිරෝගී කරන අතර, පාචනය වැනි රෝග ඇති කරන විෂබීජ නසයි. පැපොල රෝගය සෑදුන අවස්ථා වලදී, කොත්තමල්ලි පත්පාඩගම් සමග තම්බා බීමට ලබා දෙන්නේ තුවාල වල වේදනාව අඩු කිරීම පිණිසය.

02. බෙලි පානය

අතීතයේ සිට අද දක්වාම ඉතා ජනප්‍රිය සහ බහුලවම භාවිතා කරන පානයක් ලෙස බෙලි යුෂ පානය හැඳින්විය හැක. උද්භිද විද්‍යාත්මක නාමය aegle marmelos වන මෙය, දෙවියන් උදෙසා පිදෙන පූජාවන් සඳහා උපයෝගී කරගන්නා ඖෂධීය ගුණයෙන් අනූන පලතුරකි. Golden Apple යනුවෙන් හඳුන්වන මෙය ආමාශ ගත රෝගවලට දිව්‍යමය ඖෂධයකි. මෙම ගස ගෙවතු වල මෙන්ම වනගතව ද දක්නට ලැබේ.බෙලි ගසේ පස් පංගුව කොළ, මල්, පොතු, මුල්,ගෙඩි, කටු ආදී සියළු කොටස් පානය සඳහා භාවිතා කරයි.

බෙලි ගෙඩිය ඉදුනු පසු එහි මදය ගෙන මැලියම් ඉවත් කර පොඩි කර, අවශ්‍ය ප්‍රමාණයට ජලය, සීනි, ලුණු, දෙහි ස්වල්පයක් දමා රසවත් පානයක් සාදා ගත හැක. එය හිස්බඩට පානය කිරීමෙන් සිරුර සිසිල් වී දීර්ඝායුෂ ලැබෙන බව එකල සිට පැවත එන මතයකි. හොඳින් වියළා ගත් බෙලි මල් තම්බා ගැනීමෙන් පසුව කිතුල් හකුරු සමඟ පානය කිරීමෙන් පිපාසය සංසිඳවනවා මෙන්ම අහාර රුචිය ද වඩවයි. තවද, බෙලිමල් සෝදා වේලා කුඩු කර තේ පානයක් ලෙසද භාවිතා කල හැක. බෙලි ගැට කුඩා කැබලි වලට කපා හොඳින් වේලා ගෙන ඉන්පසු අවශ්‍ය විට ගෙන තම්බා පානය කිරීමට ද හැක.

බෙලි විටමින් D වලින් ඉතා පොහොසත්ය. වාතය, පිත, සෙම සමනය කරයි. විරේක ගුණ ඇත. බඩ බුරුල් වී යාම සහ වමනය වළකී. පාචනය, අතීසාරය වැනි රෝග ඇති අයට හිතකර පානයකි. විජලනය වැළැක්වීමට සමත් කමක් ඇති මෙම පානය මානසික ආතතිය ඇති අයට ගුණදායකය. බෙලිමල් තැම්බූ වතුර පිපාසය සහ දාහය නිවන විඩාව සංසිඳුවන පානයකි. කඩෙන් පහසු මිලට ගත හැකි පානයන්ට වඩා අපහසුවෙන් වුවත් මෙවැනි පාන සාදාගෙන පානය කළ හැකි නම් ඔබට වඩාත් නීරෝගි ජීවිතයක් ගත කළ හැක.

03. පොකුරු වදමල් පානය

Hibiscus rosa-Sinensis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ශාකයෙන් ගනු ලබන මෙම මල් අපේ පැරැන්නන් විසින් ඖෂධිය පානයක් ලෙස භාවිතා කර ඇත. උතුරවා ගත් වතුර වීදුරුවකට සෝදාගත් වද මල දමා වසා තබයි. .විනාඩි කිහිපයකට පසු එම ජලය වදමල් රතු පැහැයට හැරේ. මද වෙලාවකින් වදමල ඉවත් කර කැමති පරිදි සීනි, ලුණු, දෙහි බිංදු කිහිපයක් දමා පානය කළ හැක.

මෙයට කස ඇට එක් කර සරුවත් ලෙසද පානය කළ හැක. අයිස් කැට යොදා සිසිල් බීමක් ලෙසද පානය කළ හැකි මෙය සිරුරට නව ජීවයක් ලබා දේ. අක්මාවේ මේදය තැන්පත් වී ඇති විට පොකුරු වදමල් පවනේ වේලාසිහින්ව කුඩු කර දිනපතා උදේ එම කුඩු ස්වල්පයක් උණු වතුරට දමා තේ පානයක් ලෙස ගත හැකිය.

ශ්වසන පද්ධතියේ පෙනහළු ආශ්‍රිත රෝග තත්ත්ව, ඉදිමුම්, හෘද රෝග,මළබද්ධය, මුත්‍රා අඩස්සිය, මුත්‍රා ආසාධන, අධි රුධිර පීඩනය, අකලට හිස කෙස් පැසීම සහ වැටීම, හිස් හොරි ඇතුළු හිසේ රෝග, මුහුණේ ලප කැළැල්, සමේ ඇති වන බිබිලි , ලප, දද ආදිය, හිසරදය, හන්දිපත් වේදනාව, ආහාර අරුචිය, අක්මා රෝග, හෘද රෝග, ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත රෝග (අධික ආර්තවය ආදී), අක්ෂි රෝග, තුවාල, ළදරු රතගාය, ආදී රෝග රැසක් සඳහා ප්‍රතිකාර කිරීමට වදමල්, කොළ, මුල් පානයන් යොදා ගනී. එසේම වදමල් පැණිය පාසල් යන කුඩා දරුවන්ගේ මතක ශක්තිය වඩවන මහෞෂධයකි.

04. කරපිංචා පානය

Murraya koenigii යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මෙම ශාකයේ පත්‍ර ශ්‍රී ලංකාවේ ආහාර පාන සකස් කිරීමේදී නැතුවම බැරි අංගයකි. සෑම ප්‍රදේශයකම සුලභව දක්නට ලැබේ. කරපිංචා කොළ හොදින් සෝදා වේලා සිහින්ව කුඩු කර බෝතලයකට දමා තබා ගැනීමෙන් තමාට අවශ්‍ය වේලාවට තේ වෙනුවට පානය කළ හැක. එසේත් නැතිනම් කෝප්පයකට උණුවතුර ටිකක් ගෙන එයට කරපිංචා කිනිති දෙකක් දමා විනාඩි 5-10ක් පමණ වසා තැම්බෙන්නට තබා ඊට ගම්මිරිස් කුඩු ස්වල්පයක් සහ දෙහිගෙඩි භාගයක දෙහි යුෂ දමා පානයට ගත හැක. ඉක්මනින්ම ශරීරයට අවශෝෂණය වන මෙම පානය ලෙඩ රෝග රාශියකට ස්වාභාවික ඔසුවක් වේ.

ශරීරයේ මහත අඩු කර ගැනීමට, බඩ එල්ලා වැටීම පාලනයට, අහිතකර මේද මට්ටම පාලනයට කර කොලෙස්ටරෝල් පාලනයට බෙහෙවින් උපකාරී වේ. අර්ශස් රෝගය හා ස්නායුගත ආබාධ අවම කරයි. අකලට හිසකෙස් සුදු වීම වළකා හිස කෙස් වේගයෙන් වර්ධනය වේ. මළබද්ධය වළකයි. පුරස්ථිති ග්‍රන්ථිය ආශ්‍රිතපිළිකා වලට එරෙහිව සටන් කරයි. රුධිර සංසරණයට උපකාරී වේ. රුධිර සීනි මට්ටම පාලනය කරයි. සමේ රෝග නැති කරයි. මානසික ආතතිය දුරු කරයි. කරකැවිල්ල, වමනය ඇති අයට, විෂ ශරීරගත වූවන්ට, කුසගිනි නොමැති නිතර අජීර්ණාබාධ වැළඳෙන අයට, සුළු උමතු ගති ඇති අයට කරපිංචා පානය ප්‍රශස්ථ ඖෂධීය පානයකි.

05. නිල් කටරොළු මල් පානය

උද්භිද විද්‍යාත්මක නාමය Clitoria Ternatea වන මෙම ශාකයේ varieties කිහිපයක් ඇතත් ජනප්‍රියව ඇත්තේ නිල් කටරොළු මල් පානයයි. මල් වේලා හෝ අමුවෙන් භාවිතයට ගතහැක. හොඳින් සෝදා ගත් මල් 5-6ක් ගෙන උණු වතුර දමා කලවම් කර විනාඩි 5-10ක් තබා අවශ්‍ය පරිදි සීනි දමා හෝ නොදමා ඔබගේ කැමැත්ත පරිදි දෙහි බිංදු කිහිපයක් එක් කල හැක. කස කසා ඇට කිහිපයක් දමා එය රසවත් පරිදි පානය කල හැක. සතියට දින දෙක තුනක් පමණ තේ වේලාවට පානය කළ හැක. ශ්වසන රෝග, අර්ශස් වලට නිසැකවම සුව දේ.

විෂබීජ නාශක ගුණයෙන් යුතු මෙම පානය මගින් රුධිර හොදින් පිරිසිදු කරයි. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. හිස කෙස් වර්ධනය වේ. මානසික ආතතිය අඩුවේ. ඖෂධීය ගුණ සපිරි මෙම නිල් කටරොළු වල අඩංගු සංඝටක මගින් සමේ කොලැජන් නිපදවන නිසා, සම පැහැපත් වී තරුණ බව සුරකී. ස්වාභාවික වර්ණ කාරයක් ද වන මෙය බත්, ආප්ප, ඉඳිආප්ප වැනි කෑම වර්ග පිලියෙළ කිරීමේදී එක් කරයි.

මොළයේ බුද්ධි වර්ධනයට උපකාරී වන අතර ප්‍රතිප්‍රදාහිත ගුණයෙන් යුතු නිසා බොහෝ රෝග සමනයට හේතු වේ. ආහාර ජීර්ණය පහසු කරවීම, රුධිරය පිරිසිදු කිරී,දද, කුෂ්ඨ, තුවාල හා සමේ රෝග සුවයට, ආමාශගත සහ ගර්භාශ රෝග සහ හන්දිපත් රෝග සඳහා විස්මිත ඔසුවකි. මුත්‍රා මාර්ගයේ අවහිරතා දුරලීම, රුධිර සීනි මට්ටම පාලනය කිරීම, වඳභාවය දුරලීම සහ පිළිකා නාශන ගුණය මෙහි ඇති විස්මිත ගුණයන්‍ ය. හෙයා කන්ඩිෂනර් සඳහා මෙම මල් වල සාරය භාවිතා කරයි. ගලගණ්ඩය සඳහා සුදු පැහැති කටරොළු භාවිතය ස්වාභාවික ඖෂධයකි. දේශීය වෙදකමේ දී මෙහි කරල් ,මුල්, කොල ඖෂධ සඳහා යොදා ගනී. කෝවිඩ් වසංගතයත් සමගම මෙය භාවිතය ඉතා ඉහළ මට්ටමක පවතී.


06.ඉරමුසු පානය

Hemidesmus indicus නම් උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුහඳුන්වන හීං ඉරමුසු ශ්‍රී ලංකාවේ ගෙවතු වල වැවෙන ශාකයකි. ඉරමුසු පානයක් ලෙස සකසා ගැනීම ඉතා පහසුය. සම්පූර්ණ පැළෑටිය සෝදා කැබලි වලට කපා වියළා ගනී. පසුව වියලි බඳුනක තබා අවශ්‍ය විට තම්බා කිතුල් හකුරු සමග බීමට ගනී. තේ වෙනුවට පානය කළ හැකි මෙයට, කස කසා ඇට සහ අයිස් කැට දමා සිසිල් කර සරුවත් ලෙසද පානය කළ හැකිය.

ආයුර්වේදයට අනුව ඉරමුසු වාතය, පිත, සෙම සමනය කරයි. රුධිරය පිරිසිදු කිරීමේ හැකියාවක් ඇති නිසා කිරි දෙන මව්වරුන්ට, දියවැඩියා රෝගීන්ට ඉතාම ගුණදායකය. මුත්‍රා දැවිල්ල නැති කිරීමට සමත් මෙම ඉරමුසු හිසකෙස් වර්ධනයට උදව් වේ. විදුරුමස් දියවීම, උල්ලෝගම්, උගුරේ වේදනාව, සෙම්ගෙඩි, ආදිය ඇති වීම වළකයි.

අකලට හිස කෙස් වැටීම,නින්ද නොයාම, මුහුණ අවපැහැ ගැන්වීම, මව්කිරි නිසි ලෙස ස්‍රාවය නොවීම, සහ අක්ෂි රෝග වළකයි. අතීසාරය, උපදංශය, බරවා, ගණ්ඩමාලා මූත්‍රා ගල් සෑදීම, ආහාර අරුචිය, කට ගඳ ගැසීම, ඇදුම වැනි තත්ත්වයන් වළකයි. ශරීරයේ දුගඳ, පුරුෂ වඳබව, සංධි වේදනා වැලකිවීමට කදිම ඖෂධීය පානයකි. ආයුර්වේදයට අනුව , මීයන්ගේ විෂ ශරීර ගත වූ විට ඉරමුසු ගිතෙල් සමග ලබා දේ. ඉරමුසු මුල් තම්බා බීම, මෙන්ම ඉරමුසු මුල් සෝදා වේලා කුඩු කර තේ මෙන් පානය කිරීම මගින්, ආහාර අසාත්මිකතාවයන් නිසා ඇති වන කැසීම, පලු දැමීම සහ ඇස් රතුවීම වැළැක්වීමට මෙම පානයෙන් සහනය සැළසේ. එසේම දේශීය වෙදකමේ දී මේවා ඉරමුසු ආධාරයෙන් කරන අත් බෙහෙත් ද වේ.

07.රසකිඳ පානය

උද්භිද විද්‍යාත්මක නාමය Tinospora Cordifolia වන අතර මාංශල කඳකින් යුතු වැල් වර්ගයකි. ඉතා පහසුවෙන් බෝ කර ගත හැක. කලකට පෙර ශ්‍රී ලංකාවේ ගෙවතු වල දක්නට ලැබුනු සුලභ ශාකයකි. රසකිඳ වැල්, කොටස් වලට කපා වියලා ගැනීමෙන් පසු කල් තබා ගෙන තම්බා පානය කළ හැක.

මේ පානය, ඇඟ සිසිල් කරයි. කුසගිනි වඩවයි. රුධිරය පිරිසිදු කරයි. අර්ශස් වළකයි. අධික ලෙස දහඩිය පිටවීම වළකයි. ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි. රක්තවාතය, හන්දිපත් ආබාධ සහ වෙනත් රුධිර දෝෂ වලින් වළක්වයි, සමේ රෝග නසන අතරම රුධිරය පිරිසිදු කරවන, ලේ වඩවන සහ ආමාශයේ සහ රුධිරයේ ආම්ලිකතාව සමනය කරන, හෘද රෝග වළකයි. අපූරු ඖෂධීය පානයකි.

උණ, ආහාර අරුචිය, අතීසාරය, පාණ්ඩුව, ප්‍රමේහය, රක්තවාතය , කුෂ්ඨ ,වමනය, වාත රෝග පිපාසය සඳහා ඖෂධමය පානයකි. අර්ශස්, හෘද දුර්වලතා, ශරීරයේ දැවිල්ල, ආමාශ දැවිල්ල, දැවීම් සහ පිළිස්සීම් ආදියට රසකිඳ යුෂ සහ නෙල්ලි සමග භාවිතය ඉතාමත් ගුණදායකය. එමෙන්ම ආයුර්වේදයට හා දේශීය වෙදකමේ බහුලව භාවිතා වන නෙල්ලි රසකිඳ පානය ලංකාවේ ජනප්‍රිය පානයකි.

08. පොල්පලා පානය

Aerva lanata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙන මෙම ඖෂධීය පැළෑටිය කලකට පෙර ගෙවතු වල සුලභව වැවුනත් අද වන විට බොහෝ ප්‍රදේශ වලින් වඳ වී ගිහින්. හොදින් සෝදා ගත් පොල්පලා පැළෑටිය කුඩා කොටස් වලට කපා ගැනීමෙන් පසු තම්බා ගත යුතු වේ. අදටත් ගෙමිදුලේ හෝ මල් පෝච්චියක වගා කළ හැකිය. බොහෝ කලක සිට ඔසුපැන් ලෙසත්, මුත්‍රාබාධ සඳහා ප්‍රත්‍යක්ෂ ඖෂධයක් ලෙසත් පොල්පලා තම්බා බීම ලාංකිකයන්ගේ යහපත් පුරුද්දකි.

මෙම පැළෑටිය මගින් සාදන පානය භාවිතය නිසා ඉතා ඉහළ මුත්‍රා පිරිසිදු කිරීමේ හැකියාවකින් යුතු අතර, මුත්‍රා ගල් දිය කිරීමේ හැකියාව ද පොල්පලා වලට ඇති බව ආයුර්වේදයේ සහ දේශීය වෙදකමේ ද සඳහන්.

මූත්‍රා අඩස්සිය, මුත්‍රා දැවිල්ල, මුත්‍රා ගල්, අර්ශස්, ගුල්ම රෝග, හෘද රෝග, කාන්තා රෝග, ප්ලීහා රෝග, ප්රමේහ, කැස්ස, ඇදුම, පීනස, හිස රුදා, උගුරේ ආසාදන, පාචන, අතීසාර, ගොනෝරියාව, පාණ්ඩුව ආදී රෝග රැසකට ඖෂධ ලෙස සම්පූර්ණ පොල්පලා ශාකයම භාවිතා කරයි. එසේම පොල්පලා පානය කිරීමෙන් මිනිස් සිරුරේ වකුගඩු වල පෙරීමේ ගුණය වැඩි කර මුත්‍රා මාර්ගය පිරිසිදු කර සිරුරෙන් දියර ඉවත් කිරීමේ හැකියාව වැඩි කරයි. (diuretic ) පොල්පලා වල ඇති ප්‍රතිපරපෝෂිත ගුණය නිසා කුඩා දරුවන්ගේ ටයිෆොයිඩ් උණට ප්‍රතිකාරක් ලෙසද යොදා ගනී. මැලේරියාව අවම කිරීමට භාවිතා කරයි. හිසරදයට ප්‍රත්‍යක්ෂ ඖෂධයකි. ගොනෝරියා නම් සමාජ රෝග සමනයට බහුලව යොදාගනී. රුධිර ගත සීනි සහ මේධය අඩු කිරීමේ හැකියාව නිසා නිතර පොල්පලා පානයෙන් දියවැඩියාව සහ හෘද රෝගවලක්වා ගත හැක. පිලිකා නාශක ගුණයෙන් පොහොසත් පොල්පලා අක්මා පටල ප්‍රතිසංස්කරණය කිරීමේ මහඟු හැකියාවක් ඇත.

තවද, මේ පැළෑටිය විෂ නැසීමේ ගුණයෙන් ද සමන්විතයි. එබැවින් ගෝණුස්සෙක්, පත්තෑයෙක් දෂ්ට කලවිට විෂ නැසීමට භාවිතා කරන අත් බෙහෙතක්. මූත්‍රා අඩස්සිය තිබෙන විට පොල්පලා පැලෑටිය ගලවා හොදින් සෝදා සම්පූර්ණයෙන්ම තම්බා පානය කිරීමෙන් එම රෝගී තත්ත්වය සමනය වේ. රසායනාගාර පර්යේෂණ වලින් තහවුරු කර ඇති අන්දමට, එකිනෙකට විරුද්ධ විශාල පරාසයක ක්ෂුද්‍ර ජිවින්ට විරුද්ධව (anti microbial) ක්‍රියාත්මක වීමේ හැකියාවක් පොල්පලා වලට ඇත. මේ අතරට ස්ටෆිලොකොකස්, ක්ලේබ්සියෙල්ලා, ඊ කෝලයි , ශිගේල්ලා ඇතුළු බොහෝ බැක්ටීරියාවන්ද, කැන්ඩිඩා වැනි දිලිර වර්ගද අයත් ය. භාෂ්මික ගුන ඇති පොල්පලා ආම්ලික භාවය නැති කිරීමටත්, ශරීරය සිසිල් කිරීමටත් උපකාරී වන අතර එහි ඇති හිස්ටමින් වලට විරුද්ධ රසායන නිසා (anti histamine) ආසාත්මිකතා වලක්වා ගන්නත් පුළුවන්.

09. සියඹලා පානය

උද්භිද විද්‍යාත්මක නාමය ලෙසින් Tamarind Indica නමින් හඳුන්වන සියඹලා ඉතා ගුණදායක පානයක් වේ. එය ආහාරයට එක් කට ගන්නා කුළුබඩුවක් මෙන්ම රසවත් පළතුරකි. සියඹලා ගස ශ්‍රී ලංකාවේ වියළි කලාපයේ දක්නට ලැබෙන ඉතා සුලභ ගස් වර්ගයකි. එනිසාම සියඹලා කරල් පහසුවෙන් සොයා ගත හැක. ඉදුනු සියඹලා වල ඇට ඉවත් කර මදය කොටස හොදින් පොඩි කර, එම යුෂ වලට ජලය දමා සීනි, ලුණු, කුරුඳු පොතු, එනසාල් කුඩු ස්වල්පයක් දමා එක් කර පානය කළ හැකිය. මේ රසවත් පානයට ආහාර රුචිය වඩවන අතර කුස ගින්න ද ඇති කරයි.

විටමින් සි ඌණතාවයෙන් පෙළෙන අයට සියඹලා යුෂ පානයට දෙහි යුෂ ස්වල්පයක් එක් කර බීමෙන් සාර්ථක ප්‍රතිඵඵල ලබා ගත හැකියි . අධි රුධිර පීඩනය ඇති අයට ඉතා ගුණදායකයි. මළබද්ධය වළකයි. ආහාර මගින් ශරීරයේ ඇති වන විෂ සමඟ එකට බැඳී මහාන්ත්‍රය ඇතුළත ආරක්ෂා කිරීමට ද උපකාරී වේ. මෙම කෙඳි පිත්, ලවණ සමඟ හොඳින් බැඳී එම පිත මහාන්ත්‍රයෙන් නැවත අවශෝෂණය අඩු කරයි. මහ අන්ත්‍රයේ පිළිකා ඇතිවීම වැළැක්වීමට සියඹලා පානය ඉතා ගුණදායක ඖෂධීය පානයකි. සියඹලාවල පවතින වාෂ්පශීලි රසායනික සංඝටක මඟින් බොහෝ පිටුවහලක් ලබා දෙන නිසා ආහාර හොඳින් දිරවීමට උපකාරී වේ. සියඹලා හෘදයට ඉතා ගුණදායක පානයකි. මේ නිසා උගුර ආශ්‍රිතව විවිධ ආසාදන රෝගවලදී සියඹලා දිය කරගත් ජලයෙන් උගුර සේදීම ද ඉතා ගුණදායක වේ.

සියඹලා පානය කහ උණ සහ තුවාල ඇති රෝගීන්ට ඉතාමත් සුදුසු ඖෂධයකි. සියඹලා කොළ සෝදා වේලා කුඩු කර තේ ආකාරයෙන් පානය කිරීම වෛරස් උණට ඉතා ගුණදායක වේ. මුඛයේ ඇතිවන තුවාලවලදී කොත්තමල්ලි තැම්බූ වතුර සමඟ සියඹලා වතුර පානය මඟින් මුඛයේ ඇති වන තුවාල සුවයට ඉතා සුදුසුයි.

දියවැඩියා රෝගීන්ට ද සියඹලා පානය ඉතා ගුණය. ආහාර ගත් විගස රුධිරයේ සීනි වැඩි වීම සියඹලා යුෂ වලින් අඩු කරයි. විවිධ කෘමීන් දෂ්ඨ කළ විටදී එයට ප්‍රතිවිෂ ලෙසින් සියඹලා ඇටවල චූර්ණය ආලේප කර ඒ අවස්ථාවේම සියඹලා යුෂ බීමට දේ.

එමෙන්ම සියඹලා පානය, මධ්‍යසාර වලට ඇබ්බැහි වූවන්ට ඉතා ගුණදායක ඖෂධයකි. ශරීර ගතවන විෂ වර්ගවලට ප්‍රති ව්‍යංජනයක් ලෙසින් සියඹලා ක්‍රියා කරයි. සියඹලා යුෂ වලට ඉඟුරු ස්වල්පයක් මිශ්‍ර කර බීම ද කළ හැක. ශරීරයේ ඇති අපිරිසිදු රැධිරය පිරිසිදු කිරීමේ ගුණයක් ද සියඹලා වල පවතී. දරැවන්ගේ සුව නොවන පණු රෝග වලදී සියඹලා කොළ තම්බා පානය/ සියඹලා තේ ලෙස භාවිතය ඉතා ගුණදායක වන අතර අර්ශස් රෝගීන්ට ද සියඹලා ඉතා ගුණදායක පළතුරක් හා ඖෂධයකි.

10. නෙල්ලි පානය

Phyllanthus emblica yana උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන නෙල්ලි රස පහකින් යුක්තය. ශ්‍රී ලංකාවේ ඉතා සුලභ පළතුරක් වන මෙය ආයුර්වේදය, දේශීය වෙදකමේ ඉහළ ඖෂධීමය ගුණයකින් යුතු බව සඳහන්. නෙල්ලි හොඳින් සෝදා ඇට ඉවත් කර ජලය ස්වල්පයක් දමා හොඳින් අඹරා ඉස්ම මිරිකා ගත හැකියි. ඊට, බ්ලෙන්ඩරය භාවිතා කර එම යුෂ වලට ප්‍රමාණවත් පරිදි වතුර දමා පානයක් ලෙස භාවිතා කළ හැකිය . එය සිසිල් කල විට ද ඉතා රසවත්‍ ය. නෙල්ලි කෝඩියල් වශයෙන් වෙළඳපොළේ ලබා ගැනීමට තිබුනත් ස්වාභාවික නෙල්ලි වලින් සකසන පානය වඩාත් ගුණදායක ය. මෙමගින් ශරීරයේ උෂ්ණාධික බව මැඩලමින් සිරුර සිසිල් කරයි. රුධිරගත විෂ ඉවත් කර දියවැඩියාව , අධි රුධිර පීඩනය, අධික තරබාරුව වළකයි. ආහාර ජීරණ පද්ධතිය ආශ්‍රිත රෝග සුව වීමට, ප්‍රතිශක්තිකරණය වැඩි දියුණු කරමින් බෝ වන රෝග වලින් ආරක්ෂා වීමට දායක වේ. උදරාබාධ, ආමාශයේ අම්ල පිත්ත දෝෂය, ශරීරයේ විෂවීම් සෙම් රෝග ආදියට නෙල්ලි යුෂ පානය ප්‍රත්‍යක්ෂ ඔසුවකි.

නෙල්ලි පානය මඟින් සම පැහැපත් කර නීරෝගී කරන අතරම, අකළට වයසට යාම වළකයි. ඇස් වලට හිතකරයි. මෙම පෝෂණීය පානයේ ඇන්ටිඔක්සිඩන්ට්, විටමින් සී ප්‍රධානව අඩංගු වේ. ගර්භණී මව්වරුන්ට ඉතාම ගුණදායකයි. ගැබිණි සමයේ එන සංකූලතා වන බඩ දැවිල්ල, පපුවේ දැවිල්ල නිවාලයි. හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා මවට වන අපහසුතා දුරලයි. යකඩ වලින් පරිපූර්ණයි. මුත්‍රා කාර්ශයේ ආසාධන වළකයි. ශ්වසන රෝග වලට (කැස්ස, ඇදුම, ක්ෂය රෝගයට) ගුණදායක පානයකි.

අඩු වයසින් දරුවන් ඇතිවීමේ අවධානම අඩු කරයි. දියවැඩියාව , කොලෙස්ටරෝල් වලට ඖෂධමය පානයකි. හෘදයට හිතකරයි. කාය ශක්තිය පවත්වා ගනී. හිසකෙස් ගැලවීම, පැසීම වළකයි. නීරක්තිය දුරලයි. වකුගඩු සහ අක්මාවට වන හානි වළකයි. සිරුරට එක්වන විෂ සහිත ලවණ වලට විරුද්ධව ක්‍රියාකරයි. විකිරණ වලින් වන හානි වළක්වා ගැනීමේ ගුණයක් නෙල්ලි යුෂ වල ඇති බව පර්‍යේෂණ වලින් සොයාගෙන ඇත.

රසායනික ද්‍රව්‍ය වෙනුවට ස්වාභාවික ශාක සාර වලින් අපගේ සෞඛ්‍යය සඳහා පිළියම් යෙදිය හැකි නම් එය දිගු කාලීන සුව දිවියකට මඟ පාදනු ඇත.

0
26
There are no advertisements in the Colombo yet
Other News Colombo

වස්සානය නිමා වී ඇත

ගිම්හානයක් අත ලගය

පිපුනු මල් පරවී ඇත

පොලෝ තලයද වියලී ගොස් ය


එහෙත් ;

යලිත් වස්සානයක් නොඑනවා යැයි

කාට නම් කිව හැකිද

ගිම්හානය ද ගෙවී යනු ඇත

යලිත් මල් පිබිදෙනු ඇත


එතෙක් ;

නුබේ එකම එක සිනහවක්

මගේ හද තුල තබා යන්න

ගිම්හාන දහසකට පසුත්

මල් පිපෙන්නට

හද බිමට ඒ හොදටෝම ඇතිය ...


Darshani Wanigasekara

Show more
0
62

දෑස පියෙනා හැම ඇසිල්ලක

නුහුරු හැගුමක් තියා හිත යට

කතා කරනා තාරකා ඇස්

හිතක් පතුලේ දිලිසෙනා විට....

ඉතින්

මම කවි නොලිය කොහොමද ???


නුබේ සිනහව දකින එකමෙක

මොහොතකට විතරක්ම උපදින

නහර ඇට මස් විනිවිදන් ගොස්

හදේ ගැබුරුම තැනක නවතින....

එකම එක ඒ එක හැගීමට

ආදරේ යැයි නොකිය කොහොමද ???


කාටවත් ලන් වෙන්න බැරි උන

හිතක් දෑතට රැගෙන හෙමිහිට

දරා ගන්නට බැරිම තරමට

රිද්දවනකොට උනත් හෙමිහිට

එපා වෙන්නෙම නැතිම වෙනකොට

නුබට ආදරේ නොකර කොහොමද ???


Darshani Wanigasekara


Show more
0
47

_මමත් ඉස්සර දෙවගනකි

මමත් ඉස්සර දෙවගනකි

උනත් වංශය යක්ශ ගෝත්‍රික

උබත් මගේ පරම්පරාවෙලු

කියා කීවා නේද පෙරදින

සිදු උනා වෙන්නට යකින්නක්

ඔබත් දනිමි කාරණාව

අසාදාරනයක් උනා මා හට

නොඇසුනාද උඩ ඉන්න උන්ට


ඌත් පඬිරට රජුන් වෙනවලු

උන්ගේ රට තුළ වැජඹෙන

මට නම් ඌ තිරිසනෙක්

අඹු දරුවන් හැර ගිය


මැරු නිසා මා ඔබගෙ නාමෙන්

එනව මම පළි අරගන්ට

උබ නිසාමයි දරු දෙදනා

ගියේ වනයට නොඑන්නම

අතීතෙත් මියදුනා ලදුන් නම්

පෙමක් නිසා හැමතැන

පඬි රටට ගිනි තිබ්බෙ පත්තිනි

පෙම නිසා නොවෙද සබ


උබ නිසා මැරුනෙ අහිංසක

කතක් බව උබ නොකීවට

දනිමි සැවෝමා යකින්නක් උනේ

නුබේ බොරු පෙම නිසා අද මම


අනූ බණ්ඩාර_ ✍️

Show more
1
42
Other News Sri Lanka
https://avalanches.com/lk/gampaha_sri_lankan_young_music_producer_mahim_dissanayake_release_his_new_sing2321825_06_06_2022

Sri Lankan young music producer Mahim Dissanayake release his new single " Alone "

featuring with international artist Mark.

Produced by - Mahim Dissanayake

Music - Mahim Dissanayake

Backing Vocals - Mark

Artworks - Jonas ( Switzerland )

Record Label - Arctic Entertainments

Copyrights - Mahim Dissanayake | MFIX Media Co.2022 |


Show more
0
28
https://avalanches.com/lk/gampaha_mahim_dissanayake1932378_20_04_2022

Mahim Dissanayake....

A Young Sri Lankan Entrepreneur, Music Producer, Activist. An Associate Fellow of the Royal Commonwealth Society,with a demonstrated history of working in Politics, Youth Policy Development, Business, Banking, Strategic Planning, Community Service, International Relations and Diplomatic Affairs.


Show more
0
30

අප්පච්චි❤


අප්පච්චි එදා ලස්සන කඩවසම්

තරුණයෙක් වෙන්න ඇති ...

එත් අද එයා වියපත්

ගතින් විතරක් ...

පවුලේම බර කරට අරන්

තාමත් තරුණයෙක් වගෙ එයා

වෙහෙසෙනවා...

පුදුමයි...

එ සෙනෙහස පුදුමයි ..

මව්වරුන් පමණක් නොව

පියවරුන්ද මතු බුදු වන්න

විවරණ ලැබිය යුතුමයි


Show more
0
58
Other world news
https://avalanches.com/pk/sialkot_body_buildo_capsules_in_pakistan_030024784446726389_25_09_2023

Body Buildo Capsules In Pakistan

Body Buildo Capsules Price In Pakistan 2500/-

Natural Body Buildo Capsule in Pakistan?

Still, if you're struggling with weight loss and are unsure of your next steps or how to put on more weight, try our new product Body Buildo Capsule. It has a natural, positive impact on gaining weight, building muscle, and other things. It has been demonstrated that Body Buildo Capsule works differently for men and women. The only requirement is to take two capsules twice a day with water. If you want to consume more calories, you can also drink it with your reflections.Thanks EtsyHerbalShop.com

Mota Hone ki Dawa in Urdu:

Mota hone ki dawa in Urdu is the prerequisite to remain solid and remain more astute with the goal that’s the reason each individual need to look brilliant and good looking so they utilize Body Buildo to make their body lovely and appealing and particularly to influence delightful muscle on their body so To body Buildo is mota hone ki dawa in Urdu which has no reaction and excessively numerous advantages in nowadays. People groups like this normal homegrown medicine especially in light of the fact that this medicine has an excessive number of advantages and no symptom.

How To Use?

Pure Herbal Body Buildo Capsule can be used once or twice day to see benefits right away.

You have the option of taking it twice day with water, milk, juice, or both.

You can gain more quickly with a little exercise and good fast meals.

Show more
0
9
https://avalanches.com/pk/sialkot_buy_100_original_saandhha_sanda_oil_organ_15_ml_sanda_oil_price_in_p6726346_24_09_2023

BUY 100% ORIGINAL Saandhha Sanda Oil Organ 15 ml

Sanda oil price in pakistan is a traditional ayurvedic oil blend that's topically used as a herbal remedy for men. It's touted as a natural aid for erectile dysfunction (ED) and premature ejaculation (PE). Sanda is a Sanskrit or Hindi word that is also spelled “saandhha” in English.

Saandha oil acts on the skin, and also on the inner layer as well as the skin sub layer. the skin sub layer is crammed with capillaries and veins. Sanda oil acts on this layer of the skin from outside in as it gets absorbed. The penile spongy-structure tissues avert the sanda oil from piercing into the core of the two penile cylinders. It necessitates a cylinders. The vacant hollow spaces in the spongy tissues are the obstruction of the chemical diffusion for the sanda oil. Substantial filling the spongy tissues with blood will allow the sanda oil ingredients to disperse into the core for curative action and renewal.

Sanda Oil Uses & Benefits:

  • Erectile Dysfunction and gives harder erection.
  • Control Premature Ejaculation
  • Impotency and nervous problems during sexual intercourse.
  • Enhances the Size of Penis

Sanda Oil Side Effects:

Sanda oil does not have any side effects if administered properly and with right dosage of oil application. it is a safe to use ayurvedic medicine which enhances the make penis for better sexual intercourse.

Caution: Do not apply the sanda oil on the open side or cuts side of the organ.

Sanda Oil Price in Pakistan is ? 2,500.00


Show more
0
3
https://avalanches.com/pk/karachi_introducing_the_power_up_penis_pump_the_ultimate_tool_for_maximizing6726332_23_09_2023

Introducing the Power Up Penis Pump, the ultimate tool for maximizing your sexual performance and pleasure. This powerful penis pump is designed to increase blood flow to the penis, resulting in harder, longer-lasting erections and increased sensitivity.


The Power Up Penis Pump is easy to use and comes with a comfortable, soft silicone sleeve for a secure, comfortable fit. Simply place the sleeve over your penis and use the easy-to-use pump to create a vacuum, which will increase blood flow to the penis and help you achieve a stronger, longer-lasting erection.


The Power Up Penis Pump is also equipped with a quick-release valve, which allows you to quickly and easily release pressure when you’re done using the pump. This makes it easy to use whenever you want, without having to worry about getting stuck in the pump.


The Power Up Penis Pump is also easy to clean and maintain, making it a great investment for any man who wants to enhance his sexual performance and pleasure. So why wait? Order your Power Up Penis Pump today and start enjoying the benefits of stronger, longer-lasting erections and increased sexual pleasure!

Show more
0
3