හි සියලුම ප්‍රකාශන Darshi . ෙකාළඹ , ශ්‍රී ලංකාව

Publications

වස්සානය නිමා වී ඇත

ගිම්හානයක් අත ලගය

පිපුනු මල් පරවී ඇත

පොලෝ තලයද වියලී ගොස් ය


එහෙත් ;

යලිත් වස්සානයක් නොඑනවා යැයි

කාට නම් කිව හැකිද

ගිම්හානය ද ගෙවී යනු ඇත

යලිත් මල් පිබිදෙනු ඇත


එතෙක් ;

නුබේ එකම එක සිනහවක්

මගේ හද තුල තබා යන්න

ගිම්හාන දහසකට පසුත්

මල් පිපෙන්නට

හද බිමට ඒ හොදටෝම ඇතිය ...


Darshani Wanigasekara

Show more
0
22

දෑස පියෙනා හැම ඇසිල්ලක

නුහුරු හැගුමක් තියා හිත යට

කතා කරනා තාරකා ඇස්

හිතක් පතුලේ දිලිසෙනා විට....

ඉතින්

මම කවි නොලිය කොහොමද ???


නුබේ සිනහව දකින එකමෙක

මොහොතකට විතරක්ම උපදින

නහර ඇට මස් විනිවිදන් ගොස්

හදේ ගැබුරුම තැනක නවතින....

එකම එක ඒ එක හැගීමට

ආදරේ යැයි නොකිය කොහොමද ???


කාටවත් ලන් වෙන්න බැරි උන

හිතක් දෑතට රැගෙන හෙමිහිට

දරා ගන්නට බැරිම තරමට

රිද්දවනකොට උනත් හෙමිහිට

එපා වෙන්නෙම නැතිම වෙනකොට

නුබට ආදරේ නොකර කොහොමද ???


Darshani Wanigasekara


Show more
0
22
Show more